Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාන්තුවරයන්ගේ සටන විසඳුමකින් තොරයි

සාන්තුවරයන්ගේ සටන විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාන්ත පීතර සහ සාන්ත ජෝශප් දෙවිදුහල් අතර 83 වැනි සාන්තුවරයන්ගේ සටන අද පී.සරවනමුත්තු පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගයේ දෙවැනි දිනය වූ අද උදෑසන සාන්ත පීතර විදුහල් පිලේ පළමු ඉනිම ලකුණු 188 කට සීමා කරමින් පන්දු යවන්නන් සිය කණ්ඩායමට ගෙන දුන් ලකුණු 17 ක වාසියත් සමග දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත ජෝශප් විදුහල් පිල කඩුලු 8 ක් දැවී ලකුණු 163ක් ලබා සිය දෙවැනි ඉනිම අත්හිටුවීය. අනතුරුව ලකුණු 181 ක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර තරගය නිමාවෙද්දී සාන්ත පීතර විදුහල් පිල කිසිවකු නොදැවී ලකුණු 99 ක් ලබා සිටියේය.

ලකුණු 138 කට කඩුලු 5ක් බිඳ වැටී තිබියදී අද උදෑසන පිටියට පිවිසි සාන්ත පීතර විදුහල් පිල නියමිත ඕවර 60 අවසන් වෙද්දී කඩුලු 8 ක් දැවී ලකුණු 188 කට සීමා කිරීමට සාන්ත ජෝශප් විදුහල් පිලේ පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරින් කැපී පෙනෙන පන්දු යවන්නා වූ නිපුන් සුමනසේකර කඩුලු 4ක් දවාලීමට සමත්විය.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සාන්ත ජෝශප් විදුහල් පිලේ පළමු ඉනිමේ ශතකලාභීයා වූ ජෙහාන් ඩැනියෙල් දෙවැනි ඉනිමේදීත් අගනා පිතිහරඹයක නිරතවෙමින් ලකුණු 42 ක් රැස් කිරීම කැපී පෙනුණි.

ලකුණු 181 ක ඉලක්කය හඹා ගිය සාන්ත පීතර විදුහල් පිලේ ආරම්භක පිතිකරු යුගලය සන්තුෂ් ගුණතිලක සහ අනිෂ්ක පෙරේරා පළමු කඩුල්ලට ලකුණු 99 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීම විශේෂත්වයකි.

තරගයේ වීරයා - ජෙහාන් ඩැනියෙල් (සාන්ත ජෝශප්)
හොඳම පිතිකරු - ජෙහාන් ඩැනියෙල්  (සාන්ත ජෝශප්)
හොඳම පන්දු යවන්නා - නිපුන් සුමනසිංහ (සාන්ත ජෝශප්)
හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා - මනෙල්ක ද සිල්වා (සාන්ත පීතර)

සාන්ත ජෝශප් විදුහල - පළමු ඉනිම 205යි.
(ජෙහාන් ඩැනියෙල් නොදැවී 124, ෂැවෝන් ෆොන්සේකා 26, පහන් පෙරේරා 25, සන්තූෂ් ගුණතිලක 34/3, මනෙල්ක ද සිල්වා 35/3)

සාන්ත පීතර විදුහල - පළමු ඉනිම 188/8යි.
(ශාලිත් ප්‍රනාන්දු 47, මනෙල්ක ද සිල්වා නොදැවී 51, නිපුන් සුමනසිංහ 49/4)

සාන්ත ජෝශප් විදුහල -දෙවැනි ඉනිම 163/8යි.
(ජෙහාන් ඩැනියෙල් 42, ටෂාන් පෙරේරා 25, හරින් කුරේ 25, මොහොමඞ් අමීන් 42/3, මනෙල්ක ද සිල්වා 21/2)

සාන්ත පීතර විදුහල - දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 99යි.
(සන්තූෂ් ගුණතිලක නොදැවී 52, අනිෂ්ක පෙරේරා නොදැවී 41යි.

 

- 077

 


අදහස් (0)

සාන්තුවරයන්ගේ සටන විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.