Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සේවය අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්‍ෂණයේ සාක්‍ෂි ලබාගැනීම සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායාමේ ක්‍රීඩකයන් කීපදෙනකු ලබන 19 වැනිදා පරීක්‍ෂණ කමිටුව හමුවට කැඳවීමට නියමිතය. හතුරුසිංහ මහතා සම්බන්ධ ගැටලුව පෙරේදා (13) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව ඉදිරිපත් කළ අතර එහිදී පරීක්‍ෂණය අවසානය තෙක් හතුරුසිංහ මහතාගේ ස්ථිර සේවය ඉවත් නොකිරීමට තීරණය කර තිබේ.
විශ්‍රාමික අධිකරණ විනිශ්චකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මෙම පරීක්‍ෂණ කමිටුව එදින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් ද සාක්‍ෂි ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.
මෙහිදී සාක්‍ෂි ලබාදීමට පැමිණෙන ක්‍රීඩකයන් පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීපට’ පැවසීය.
“අපි ක්‍රීඩකයන්ට ආරාධනා කරනවා සාක්‍ෂි දෙන්න එන්න කියලා” එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පැවැති අතර ඒ හේතුවෙන් මැතිව්ස් සාක්‍ෂි දීමට ඉදිරිපත් වේ යැයි විශ්වාස කළ හැකිය.
කෙසේ වුවද මැතිව්ස් මේ දිනවල විදේශගතව සිටින බව දැනගන්නට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.