Last Update  :  2025-12-15 18:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්වාට් කික් බොක්සිං ශූරතාව දිනයි

ස්වාට් කික් බොක්සිං ශූරතාව දිනයි

editorial - 2020 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පුෂ්පකුමාර ජයරත්න )

පාකිස්තානයේ ලාහෝර් නුවර පැවති ප්‍රථම ශ්‍රී ලංකා පාකිස්තාන ජාත්‍යන්තර ස්වාට් කික් බොක්සිං තරඟාවලියේදි රන් පදක්කම් 19 ක් සහ රිදී පදක්කම් 6 ක් දිනා ගනිමින් එහි ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ස්වාට් කික් බොක්සිං කණ්ඩායම සමත් විය.

මෙම ජාත්‍යන්තර තරඟාවලිය ප්‍රංශයේ ජාත්‍යන්තර ස්වාට් සම්මේලනයේ මෙහෙයවීමෙන් දකුණු ආසියානු ස්වාට් සංවර්ධන කමිටුව විසින් සංවිධානය කරනු ලැබිණ. ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා අංශ දෙකින්ම මෙම පදක්කම් දිනාගනු ලැබ ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රසාද් වික්‍රමසිංහ මහතාද සහාය පුහුණුකරු ලෙස ප්‍රදීප් ඒකනායක මහතාද කටයුතු කළහ .

   


අදහස් (0)

ස්වාට් කික් බොක්සිං ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.