Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්මිත් සංගක්කාරගේ වාර්තාව බිඳහෙළයි

ස්මිත් සංගක්කාරගේ වාර්තාව බිඳහෙළයි

editorial - 2022 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් ලකුණු 8000 කඩයිම පසුකර ගියේය. සිය 85 වැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් ඉනිම 151 කින් ලකුණු 8000 සීමාව පසුකළ ස්මිත් මේ දක්වා රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 8010 කි.

ටෙස්ට් ඉනිම 152 කින් ලකුණු 8000 කඩයිම පසුකළ කුමාර් සංගක්කාර වසර 12 ක් පුරා රැකගෙන සිටි වාර්තාව බිඳ දැමූ ස්මිත්, මෙම කඩයිම පසුකළ 33 වැනි ක්‍රීඩකයා මෙන්ම 7 වැනි ඕස්ට්‍රේලියානුවා ද වෙයි. 

පා දඟ පන්දු යවන්නකු ලෙසින් සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ ස්මිත්, පාකිස්තානයට එරෙහිව 2010 දී ලන්ඩන් නුවරදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේය. එදා මෙදා තුර කාලයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ශතක 27 ක් ලබා සිටින ස්මිත්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 60.00 ආසන්නයේ පවතී. 

- 213

 


අදහස් (0)

ස්මිත් සංගක්කාරගේ වාර්තාව බිඳහෙළයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.