Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ටෝක්ස් - රොබින්සන් නැවතත් ටෙස්ට් සංචිතයට

ස්ටෝක්ස් - රොබින්සන් නැවතත් ටෙස්ට් සංචිතයට

editorial - 2021 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉන්දියාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග 2 සඳහා නම්කළ 17 දෙනෙකුගෙන් යුත් සංචිතයට බෙන් ස්ටෝක්ස් සහ ඔලී රොබින්සන් එක්කිරීමට පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා කටයුතු කර ඇත.

ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට බෙන් ස්ටෝක්ස්ට අවස්ථාව හිමි වූයේ නැත. නමුත් එංගලන්ත එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුට සහ සහය කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් කණ්ඩායමේ සියළු දෙනාම නිරෝධායනයට යැවීමෙන් පසුව පාකිස්තාන එක්දින තරගාවලියට නම්කළ සංචිතයේ නායකත්වය බෙන් ස්ටෝක්ස් දැරීය.

මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ ඔලී රොබින්සන්, ජාතිවාදී හා ලිංගිකත්වය පදනම් කරගනිමින් මීට වසර ගණනාවකට පෙර ට්විටර් සමාජ ජාලයේ පළකර තිබූ සටහන් හේතුවෙන් තරග තහනමකට ලක්වීමෙන් අනතුරුව නැවතත් එංගලන්ත ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

මීට අමතරව ජොස් බට්ලර්, ජොනී බෙයාර්ස්ටව් සහ සෑම් කරන් යන ක්‍රීඩකයින් ද යළි ටෙස්ට් සංචිතයට කැදවීමට ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පියවර ගෙන ඇත.

ආබාධයන්ට ලක්ව සිටින ජොෆ්රා ආචර් සහ ක්‍රිස් වෝක්ස් තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති බැවින් ටෙස්ට් සංචිතයට එක් කිරීමට පියවර ගෙන නොමැත.

ඉන්දියාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන මස 4 වනදා ටේ‍රන්ට් බි්‍රජ්හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

එංගලන්ත සංචිතය
ජෝ රූට් (නායක), ජේම්ස් ඇන්ඩර්සන්, ජොනී බෙයාර්ස්ටෝ, ඩොම් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, රොරී බර්න්ස්, ජොස් බට්ලර්, සැක් ක්‍රව්ලි, සෑම් කරන්, හසීබ් හමීඩ්, ඩෑන් ලෝරන්ස්, ජැක් ලීච්, ඔලී පොප්, ඔලී රොබින්සන්, ඩොම් සිබ්ලි, බෙන් ස්ටෝක්ස්, මාක් වුඩ්.

- 2079


අදහස් (0)

ස්ටෝක්ස් - රොබින්සන් නැවතත් ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.