Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහන් සුරවීරගෙන් (134) ශතකයක්

සහන් සුරවීරගෙන් (134) ශතකයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයේදී ශතකයක් ලබාගැනීමට කොළඹ ආනන්ද විදුහලේ සහන් සුරවීර (134) සමත් විය. මෙම තරගයෙන් සාන්ත තෝමස් විදුහලට පළමු ඉනිමේ ජයක් හිමි විය.

සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට තිසර හපුවින්න (85) සහ රවිඳු කොඩිතුවක්කු (53) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ පවිත් රත්නායක ලකුණු 87 කට කඩුලු 5 ක් දවාගත්තේය.


සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 86 කදී කඩුලු 9 ක් දැවී 287
(තිසර හපුවින්න 85, රොමේෂ් නල්ලපෙරුම 43, අනුර බුලන්කුලම 30, දිලීප ජයලත් 59/4, සුපුන් වරාගොඩ 91/2)

ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලු දෙනා දැවී 243
(සහන් සුරවීර 134, ළහිරු හිරන්‍ය නොදැවී 26, පවිත් රත්නායක 87/5)

සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 38 කදී කඩුලු 5 ක් දැවී 113
(රවිඳු කොඩිතුවක්කු 53, සුපුන් වරාගොඩ 35/2)


- 036

 


අදහස් (0)

සහන් සුරවීරගෙන් (134) ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.