Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සහ පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවති 23 වැනි “සල්පිටි - රයිගම් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය ඕවර 45 කදී සියලු දෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 167 ක් පමණි.
එහිදී තක්ෂිලා පිලේ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභී පිතිකරු වූ ආරම්භක පිතිකරු වූ ඔසඳ උඩවත්ත පන්දු 75කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 82ක් රැස් කළේය. ආරම්භක පිතිකරුවන් වූ ඔසඳ උඩවත්ත සහ සන්දිත් රණවීර (24) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සම්බන්ධතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ලබාදුන් නමුත් තිනෙත් සාලිංග, ශෂික හිරුෂාන් සහ ජෙවිඳු රන්තුල යන පන්දු යවන්නන්ගේ පන්දු යැවීම හමුවේ සියල්ලන් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 167ක් පමණි.
පිළිතුරු ඉනිම දියත්කළ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ පළමු ඉනිම ඕවර 66.2කදී ලකුණු 116කට සීමා කිරීමට තක්ෂිලා පන්දු යවන්නෝ සමත් වූහ.
ශෂික හිරුෂාන් ලකුණු 32ක් රැස් කළ අතර, පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ කුවිඳු මධුභාෂ ලකුණු 35 කට කඩුලු 6ක් දවාලීය. රෂාන් දීමන්ත ලකුණු 25 කට කඩුලු 3ක් දවාලීය.
ප්‍රතිවාදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට වඩා ලකුණු 51ක් ඉදිරියෙන් සිට තම දෙවැනි ඉනිම ඇරඹූ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 25 කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 62ක් රැස් කළේය. එහිදී ආරම්භක පිතිකරු සන්දිත් රණවීර නොදැවී ලකුණු 42ක් රැස් කළේය.
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 45 කදී 167
(ඔසඳ උඩවත්ත 82, සන්දිත් රණවීර 24, තිනෙත් සාලිංග 21/3, ශෂික හිරුෂාන් 32/3, ජෙවිඳු රන්තුල 36/3)
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 66.2 කදී 116 යි
(ශෂික හිරුෂාන් 32, මිහින් ලක්දිනු 23, කුවිඳු මධුභාෂ 35/6, රශාන් දීමන්ත 25/3
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 2 ට 62 යි
(සන්දිත් රණවීර නොදැවී 42)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.