Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සය සාමාජික ක‍්‍රිකට් ශූරතාව ගුරුකුළ විදුහල

සය සාමාජික ක‍්‍රිකට් ශූරතාව ගුරුකුළ විදුහල

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආදි වෙස්ලි ක‍්‍රීඩා සමාජය 21 වැනි වරට සංවිධානය කළ ආරාධිත පාසල් වයස 19 න් පහළ ‘මංචි’සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කැලණිය ගුරුකුල විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. අනු ශූරතාව කළුතර මහ විදුහලට හිමිවිය. මෙම තරගාවලිය ඊයේ සහ අද (5-6) කැම්බල් පෙදෙසේ වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගුරුකුල විදුහල් පිල අවසන් මහා තරගයේදී ලකුණු 16 කින් කළුතර මහ විදුහල පරාජය කරමින් ශූරතාව හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ ගුරුකුල විදුහලේ රොෂාන් අනුරුද්ධ තරගාවලිය පුරාම තුන් ඉරියව් දස්කම් දක්වමින් අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

කළුතර මහ විදුහලේ දුලාන් වීරසූරිය තරගාවලියේ වීරයා ලෙසත්, ලූම්බිණි විදුහලේ චාමර නිශාන්ත දක්‍ෂතම පිතිකරු ලෙසත්, ගුරුකුල විදුහලේ නාමල් පැතුම් දක්‍ෂතම පන්දු යවන්නා ලෙසත්, ද මැසිනොද් විදුහලේ නිරංග පීරිස් දක්‍ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන ලැබූහ.
කළුතර මහ විදුහලේ සෙනෙත් හසරංග හයේ පහර 9 ක් වාර්තාකරමින් තරගාවලියේ වැඩිම හයේ පහර ගැසූ ක‍්‍රීඩකයාට හිමි සම්මාන හිමිකර ගත්තේය.

දෙබරවැව ජාතික පාසල් කණ්ඩායම තරගාවලියේ වඩාත් විනයානුකූල කණ්ඩායම ලෙස සම්මාන ලැබීය.    
දෙවැනි දිනයේ පැවැති ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව තරගයේදී ගුරුකුල විදුහල කඩුලූ 3 කින් කඳාන ද මැසිනොද් විදුහල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තරගාවලියේ පළමු දිනයේදී ‘ඒ’ කාණ්ඩයෙන් කළුතර මහ විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කළුතර මහ විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයේදී ලකුණු 6 කින් ගාල්ල රිච්මන්ඞ් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

මෙවර තරගාවලියට පාසල් කණ්ඩායම් 28 ක් සහභාගි වූ අතර පිළිමළුන් පිටු දැකීමේ ක‍්‍රමයට පැවැති පළමු වටය පාසල් 14 බැගින් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්විණි.  


තරග ප‍්‍රතිඵල

අවසන් මහා තරගය

  • ගුරුකුල විදුහල  ඕවර 5 කදී කිසිවකු නොදැවී 87 (රොෂාන් අනුරුද්ධ නොදැවී 48, ශෂීන් දිල්රංග නොදැවී 35)
  • කළුතර මහ විදුහල  ඕවර 5 කදී කඩුලූ 3 ට 71 (දුලාන් වීරසූරිය 33, රවිඳු ලොකුගේ 19, ජයමාල් වන්නිආරච්චි 8/2)

දෙවැනි අවසන් පූර්ව තරගය

  • ද මැසිනොද් විදුහල  ඕවර 5 කදී කඩුලූ 2 ට 49 (ටි. කනිෂ්ක නොදැවී 21, රොෂාන් අනුරුද්ධ 3/2)
  • ගුරුකුල විදුහල  ඕවර 3.3 කදී කඩුලූ 2 ට 50 (රොෂාන් අනුරුද්ධ 32)

පළමු අවසන් පූර්ව තරගය

  • කළුතර මහ විදුහල  ඕවර 5 කදී කඩුලූ 5 ට 54 (රවිඳු උමයංග 29, හසිත මධුෂාන් 10/2)
  • රිච්මන්ඞ් විදුහල  ඕවර 5 කදී කඩුලූ 2 ට 48 (කැළුම් නානායක්කාර නොදැවී 24)  

 


අදහස් (0)

සය සාමාජික ක‍්‍රිකට් ශූරතාව ගුරුකුළ විදුහල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.