Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සම්මේලනයට කලින් ඇමැති ඉස්සරවෙයි

සම්මේලනයට කලින් ඇමැති ඉස්සරවෙයි

editorial - 2024 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රොඒෂියාවේ දී බදාදා සිට ඉරිදා දක්වා (ජනවාරි 10 සිට 14 වැනිදා) පැවැත්වෙන සැන්රෙබ් විවෘත ශ්‍රේණිගත මල්ලවපොර තරගාවලියට සහභාගිවීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ලෝකඩ පදක්කම්ලාභිනී නෙත්මි අහිංසා ප්‍රනාන්දු හා ඇගේ පුහුණුකරු සුරංග කුමාර සඳුන්ගේ මහතා ඊයේ (9) දිවයිනෙන් පිටත්ව ගියහ.

ඒ සඳහා යන රුපියල් ලක්ෂ 18ක් වන මුළු වියදම දැරීමට ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබාදුන් බව  මෙම තරග සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකළ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසීය. නෙත්මිගේ මෙම තරග සංචාරයේ අරමුණ 2024  පැරිස් ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීමයි. මෙහිදී යුරෝපයට ඇතුළුවීමේ විසා ලබා ගැනීම නවදිල්ලි නුවර පිහිටි ක්‍රොඒෂියානු තානාපති කාර්යාලය හරහා කෙටි දිනකින් සිදුකර ගැනීමට මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබේ.

මේ අතර නෙත්මිගේ ක්‍රොඒෂියානු තරග සංචාරය පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකළ  ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පැරිස් ඔලිම්පික් සුදුසුකම් තරගාවලියක් ලබන පෙබරවාරි 28 වැනිදා සිට මෙක්සිකෝව, ඊජිප්තුව, අසර්බයිජානය, කිරිකිස්තානය, තුර්කිය, සර්බියාව යන රටවලදී ලබන සැප්තැම්බර් මාසය දක්වා පැවැත්වෙන බව පවසයි.

එහිදී නෙත්මිට පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමේ තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව සලසා දීමට මල්ලවපොර සම්මේලනය සූදානමින් සිටි බවත් ඔහු පැවසීය.

කෙසේ වුවත් ඒ පිළිබඳව අනවබෝධයෙන් ඇතැමුන් පසුගිය කාලයේ නෙත්මි යොදා ගනිමින් හැසිරීමට උත්සාහ කර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් මල්ලවපොර සම්මේලනයේ මතය සඳහන් කරමින් එහි ලේකම්වරයා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කිරීමට පියවර ගත් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

2022 අගෝස්තු 5 වැනිදා නෙත්මි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට තරග වදිමින් කිලෝ මීටර් 57බර පංතිය (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්මක් දිනා ගත්තේ ඒ වනවිට 19 හැවිරිදී වියේ පාසල් ශිෂ්‍යාවක සිටියදීය.


අදහස් (0)

සම්මේලනයට කලින් ඇමැති ඉස්සරවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.