රාජ්‍ය සේවා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් පේදුරුතුඩුව මෙතෝදිස්ත කාන්තා විදුහලේදී පැවැති රාජ්‍ය සේවා මේසපන්දු තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට මහනුවර නගර සභාව සමත් විය.
පිරිමි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගත් මහනුවර නගර සභාව, පිරිමි ‘සී’ කාණ්ඩයේ අනු ශූරතාවද හිමිකර ගනිමින් සමස්ත ශූරතාවට හිමිකම් කීවේය. පිරිමි ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරතාව ශ්‍රී ලංකා රේගුවට හිමි විය.
තරගාවලියේ කාන්තා ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වූ අතර කොළඹ නගර සභාවට එහි අනු ශූරතාව හිමිවිය.
පිරිමි ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - මහනුවර නගර සභා ‘ඒ’ කණ්ඩායම
අනු ශූරතාව - රේගු දෙපාර්තමේන්තුව
පිරිමි ‘බී’ කාණ්ඩය
ශූරතාව - පොලිස් දෙපාර්තමේන්තුව
අනු ශූරතාව - අධ්‍යාපන දෙපාර්තමේන්තුව (යාපනය)
පිරිමි ‘සී’ කාණ්ඩය
ශූරතාව - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
අනු ශූරතාව - මහනුවර නගර සභා ‘ඩී’ කණ්ඩායම
පිරිමි ‘ඩී’ කාණ්ඩය
ශූරතාව - තැපැල් දෙපාර්තමේන්තුව
අනු ශූරතාව - අධ්‍යාපන දෙපාර්තමේන්තුව
කාන්තා ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
අනු ශූරතාව - කොළඹ නගර සභාව
කාන්තා ‘බී’ කාණ්ඩය
ශූරතාව - දුම්රිය දෙපාර්තමේන්තුව
අනු ශූරතාව - රේගු දෙපාර්තමේන්තුව
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.