වයස අවුරුදු 14 පහළ ශ්‍රි ලංකා පාසල් බේස් බෝල් තරගාවලිය ගාල්ල මහින්ද විදුහල් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. ගාල්ල මහින්ද විද්‍යාලයීය බේස් බෝල් සමාජය විසින් සංවිධානය කළ මෙම තරගාවලිය සදහා දිවයිනේ පාසල් 15 සහභාගී වීමට නියමිත බව එහි සංවිධායකයෝ පැවසූහ.
මෙම තරගාවලිය දින 3 ක් පුරා පැවැත්වෙයි.
තරගාවලියේ සමාරම්භක අවස්ථාවට කොළඹ රාජකීය ,කොළඹ ඩි.එස්.සේනානායක, නාලන්ද , මහනුවර ත්‍රිත්ව, මහනුවර කිංග්ස්වුඩ් , කුණ්ඩසාලේ බණ්ඩාරනායක, ගලේවෙල මහා විද්‍යාලය, මහනුවර රණබිම රාජකීය, ගාල්ල රිච්මන්ඩ්, ගාල්ල සිරිධම්ම, දඹුල්ල වෑවල වැව මහ විදුහල සහ, ගාල්ල මහින්ද යන විදුහල් වල කණ්ඩායම් පැමිණියහ.
අවසන් තරගය ගාල්ල මහින්ද විදුහල් ක්‍රීඩාංගනයේදී ලබන ඉරිදා (25) සවස පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.