Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සබරගමුවට 1-0 ක ජයක්
නිදහස් කුසලාන

සබරගමුවට 1-0 ක ජයක්

editorial - 2022 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිදහස් කුසලාන අන්තර් පළාත් පාපන්දු තරගාවලියේදී යාපනය අරියාලෙයි ක්‍රීඩාංගණයේදී අද (සෙනසුරාදා) පැවැති තරගයකදී සබරගමුව පළාත් කණ්ඩායම විසින් ගෝල 1-0 ක් ලෙසින් දකුණු පළාත් කණ්ඩායම පරාජය කරන ලදි. ශ්‍රී ලංකා පාපන්දු ආයතනය මෙම තරගාවලිය සංවිධානය කරයි.

තරගයේ පළමු විනඩි 45 ඇතුළත දෙපිලේම ක්‍රීඩකයන්ට වැඩියමක් කළ නොහැකි වූ බැවින් 0-0 ක් ලෙසින් පළමු අර්ධය නිමා විය.

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් විනාඩි 13 කට පසුව එච්.එම්.මුෂ්ෆික් ගෝලයක් ලබාගැනීම නිසා සබරගමුව පිල 1-0 ක් ලෙසින් ඉදිරියට ගියේය. තරග අවසානයට විනාඩි කිහිපයක් තිබියදී සබරගමුව පුහුණුකරු ෆසුල් රහුමාන් අතිරේක ක්‍රීඩකයකු යොදවාගත් නමුත් තරගය නිමා වන විට සබරගමුව ක්‍රීඩකයෝ 1-0 ක් ලෙසින් තරගය ජයගෙන තිබිණ.

- 213

 


අදහස් (0)

සබරගමුවට 1-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.