Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සඳකැන්ට එංගලන්තයේ විවේකයක්

සඳකැන්ට එංගලන්තයේ විවේකයක්

editorial - 2019 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ඩර්හැම් සිට...)

ශ්‍රී ලංකාවේ ‘චයිනමන්’ පන්දු යවන ක්‍රීඩක ලක්‍ෂාන් සඳකැන් මේ වන විට එංගලන්තයට පැමිණ සිටියි. ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තයට පැමිණ ඇති බව දැනගන්නට තිබේ. සඳකැන් මේ මස 15 වැනිදා ඉන්දියාවේදී අවසන් වූ ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ දීර්ඝ සංචාරයට සහභාගි වී නැවත ශ්‍රී ලංකාවට පැමිණි වහාම එංගලන්තයට පැමිණ ඇති බවද වාර්තා වේ.

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින දඟ පන්දු යවන්නකුගේ සහභාගිත්වය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් බලාධාරීන් තුළ දැඩි අසතුටක් නිර්මාණ වී ඇති බව ද වාර්තා වේ. ඒ හේතුවෙන් කිසියම් ක්‍රීඩකයකු ආබාධයකට ලක්වුවහොත් සඳකැන් කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා එංගලන්තයට ගෙන්වාගෙන ඇති බවට කථා බහක් පැතිර යයි.

එංගලන්ත ප්‍රාන්ත ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා ටෙස්ට් ක්‍රීඩකයන් කීපදෙනෙක්ම එංගලන්තයේ රැදී සිටින අතර සඳකැන් එම තරගාවලියකට සහභාගි නොවන බව ද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ සඳකැන් සතියක විවේකයන්  සඳහා එංගලන්තයට පැමිණ ඇති බවයි.

“ටෙස්ට් ක්‍රීඩක 28 හැවිරිදි සඳකැන් එක්දින ජත්‍යන්තර තරග 20 කට සහභාගි වී කඩුලු 17 ක් දවාගෙන තිබේ.
ලෝක කුසලාන සංචිතයේ 15 දෙනාට අමතරව ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත සහ වනිඳු හසරංග යන ක්‍රීඩකයන් සිවුදෙනා මැයි මස 7 වැනිදා සිට මාසයකට වැඩි කාලයක් සිට එංගලන්තයේ රැදී සිටිති. එම ක්‍රීඩකයෝ සංචිතය සමඟ සියලුම පුහුණු සැසිවලට ද සහභාගි වූහ.  

කෙසේ වෙතත් සඳකැන් මේ දක්වා ශ්‍රී ලංකා සංචිතයේ අතිරේක ක්‍රීඩකයන්ට එකතු වී නොමැත.

 


අදහස් (0)

සඳකැන්ට එංගලන්තයේ විවේකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.