Last Update  :  2024-05-11 20:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සන්තෝෂ් ඩකාර් රැළි තරග බිමේ

සන්තෝෂ් ඩකාර් රැළි තරග බිමේ

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රධාන පෙළේ සෑම සුපර්ක්‍රොස් තරගාවලියකටම පාහේ සහභාගි වී ඇති ඉන්දීය සුපර්ක්‍රොස් ක්‍රීඩකයකු වන සී. එස්. සන්තෝෂ් මෙවරත් ඩකාර් රැළියට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ. සන්තෝෂ් පිට පිටම ඩකාර් රැළියට සහභාගි වන තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු 2014 සහ 2015 යන වසර වලදීද ඊට සහභාගි වී තිබේ.

මේ වසරේදී ‘හීරෝ’ කණ්ඩායම නියෝජනය කරමින් ඔහු ඩකාර් රැළියට සහභාගි වීමට සූදානමින් සිටින අතර පෘතුගාලයේ ජෝකියම් රොඩි්‍රගුවස් එහිදී ඔහුගේ කණඩායම් සගයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
“අපේ කණ්ඩායමේ පෙර සූදානම ගැන සර්ව සුභදායී විදියටයි මම දකින්නේ. ධනාත්මක ශක්තියක් අපේ මුලු කණ්ඩායම පුරාම තියෙනවා කියලා මට දැනෙනවා.”

“අපි දින දෙකකට කළින් මෙහෙට ආවා. ඇවිත් තරගය සඳහා හොදින් පුහුණු වුණා. ඒ සූදානම අපිට හුගක් වටිනවා. දැන් අපි තරගයේ පළමු අදියර ආරම්භ වෙනකන් නොඉවසිල්ලෙන් ඉන්නේ” යැයි සන්තෝෂ් පැවසීය.

 

- 036


අදහස් (0)

සන්තෝෂ් ඩකාර් රැළි තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.