Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට අපරාජිතව සුදුසුකම් ලැබීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත්විය.
කොළඹ නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී කොළඹ නාලන්දා විද්‍යාලය විසින් පසුගිය වසරේ අනුශූරයන් වූ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය කඩුලු 5 කින් පරාජය කරන ලදි. නාලන්දා විදුහල වෙනුවෙන් සන්තුල් විජේරත්න තුන් ඉරියව් දස්කම් දැක්වීය.
බමබ්ලපිටිය ශාන්ත පීතර විද්‍යාලය - ඕවර 48.2 කදී 181 යි
(ඩිෂෝන් ගීගනගේ 42, හිරුන් නෝයා 36, ජනිත් පණ්ඩිතරත්න 26, සන්තුල් විජේරත්න 20/2, විදුන් ගමගේ 26/2, උමාෂ අභිලාෂ් 26/2, කෙවාන් ජයවර්ධන 28/2)
කොළඹ නාලන්දා විද්‍යාලය - ඕවර 38.4 කදී කඩුලු 5 ක් දැවී 182 යි
(සන්තුල් විජේරත්න 83, දුනාල් යෙනුක 37, ඕෂධ අකලංක 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.