Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිම්බාබ්වේ පිලට දඩ

සිම්බාබ්වේ පිලට දඩ

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (08) පැවැති සිවුවැනි එක්දින ක්‍රිකට් තරගයේදී සිම්බාබ්වේ පිල නියමිත කාලයේදී ඕවර සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දඩ පැනවීමට තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කළේය.

සිම්බාබ්වේ පිලේ නායක ග්‍රේම් ක්‍රීමර්ට තරග මුදලින් 20% ක ද, සෙසු ක්‍රීඩකයන්ට තරග මුදලින් 10% බැගින් ද, දඩ පනවා තිබේ.

මෙහිදී සිම්බාබ්වේ පිල නියමිත කාලය තුළ ඕවරය ප්‍රමාදයක් තිබූ බව තීරකවරයා දැනුම්දී තිබේ.

 


අදහස් (0)

සිම්බාබ්වේ පිලට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.