Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිම්බාබ්වේ ක්‍රීඩක රයන් හම්බන්තොට රෝහලේ

සිම්බාබ්වේ ක්‍රීඩක රයන් හම්බන්තොට රෝහලේ

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සූරියවැවදී දැන් පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වී සිටින සිම්බාබ්වේ ක්‍රිකට් පිලේ රයන් බර්ලි රෝගී තත්ත්වයක් හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සූරියවැව ක්‍රීඩාංගණයේ පෙරේදා පස්වරුවේ පුහුණු සැසිය අතරතුරදී මස් පිඬුවල ඇතිවූයේ යැයි කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් කායික රෝගී අංශයට ඇතුළත් කළ රයන් අද (06) පස්වරුව දක්වා ප්‍රතිකාර ලබමින් සිටියේය.

සිම්බාබ්වේ පිලෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කළ බවත් ඊයේ පස්වරුවේ රෝහලෙන් පිටත්වීමට නියමිතව සිටි බවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන දකුණතින් පා දඟ පන්දු යවන 23 හැවිරිදි රයන්, ගාල්ලේදී පැවැති තරග දෙකටම සහභාගි විය.


අදහස් (0)

සිම්බාබ්වේ ක්‍රීඩක රයන් හම්බන්තොට රෝහලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.