Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිංගප්පූරුව ශ්‍රී ලංකාව පරදවයි

සිංගප්පූරුව ශ්‍රී ලංකාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පැවැත්වෙන 18 වැනි ආසියානු කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ස්කොෂ් කණ්ඩායම අද (12 වැනිදා) පැවැති තරගයකදී සිංගප්පූරුව හමුවේ පරාජයට පත්විය.

මිහිලියා මෙත්සරණි, නඳුනි ගුණවර්ධන සහ ෆතූම් ඉසඞීන් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර තරග 3-0 ක් ලෙස ඔවුහු සිංගප්පූරු කී‍්‍රඩිකාවන් තිදෙනා හමුවේ පරාජයට පත්වූහ.

ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් මුහුණදුන් තරග තුනේදී එක් තරග වටය බැගින් ජයගැනීමට මිහිලියා මෙත්සරණි සහ නඳුනි ගුණවර්ධන සමත් වූහ.

ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක චීන තායිපේ, හොංකොං, කටාර්, ඉරාකය, පාකිස්තානය, සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ජපානය, පිලිපීනය සහ මැකාවෝ යන රටවල් මෙම තරගාවලියට සහභාගි වෙයි. තරගාවලිය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ.


ශ‍්‍රි ලංකාව සහ සිංගප්පූරුව අතර තරගය
 

  • නූර් අදිවියා විසින් තරග වට 3-1 ක් ලෙස මිහිලියා මෙත්සරණි පරජය කරන ලදි. (11/4, 10/12, 12/10, 11/3)
  • ශෙරිලයින් යන්ග් විසින් තරග වට 3-0 ක් ලෙස ෆතූම් ඉසඞීන්  පරාජය කරන ලදි. (11/8, 11/6, 12/10)
  • ස්නේහා ශිවකුමාර් හෝ විසින් තරග වට 3-1 ක් ලෙ නඳුනි ගුණවර්ධන පරාජය කරන ලදි. (11/5, 8/11, 11/7, 11/5)

 


අදහස් (0)

සිංගප්පූරුව ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.