Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිරාස්ගේ දස්කමින් මදීනා මැදි විදුහල කඩුලූ 8 ක ජයක්

සිරාස්ගේ දස්කමින් මදීනා මැදි විදුහල කඩුලූ 8 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙහොමඞ් සිරාස්ගේ දක්ෂ පන්දුයැවීම නිසා මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව පල්ලෙකැලේ සිරකඳවුරු කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් කඩුලූ 8 ක ජයක් වාර්තා කිරීමට මහනුවර මදීනා මැදි විදුහල සමත්විය.

තරගය ජය ගැනීම සඳහා අවශ්‍යවූ ලකුණු 65, කඩුලූ 2 ක් පමණක් දැවී රැස්කිරීමට මදීනා මැදි විදුහලේ පිතිකරුවෝ සමත්වූහ.

මෙහොමඞ් සිරාස් ලකුණු 81 කට කඩුලූ 10 ක් දවාගනිමින් සුමංගල විදුහලේ පිතිකරුවන් වෙත ප‍්‍රබල පීඩනයක් එල්ල කළේය.

සුමංගල විදුහලේ චාමර අතපත්තු ලකුණු 80 ක් රැුස්කරමින් සහ ලකුණු 39 කට කඩුලූ 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත්වුවත් තරගය පරාජයෙන් ගලවාගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

සුමංගල විදුහල පළමු ඉනිම ඕවර 45.2 කදී සියලූ දෙනා දැවී 153
(චාමර අතපත්තු 80, එරංග විජේසිරි 45, මෙහොමඞ් සිරාස් 55/6, එම්. ටරිෆ් 15/2, එම්. අයෆ්ඞීන් 17/2)

මදීනා මැදි විදුහල පළමු ඉනිම ඕවර 60.3 කදී සියලූ දෙනා දැවී 184
(එම්. රිෆ්කි 59, එම්. සිරාස් 21, එම්. මිස්තාබ් 16, ආර්. අහමඞ් 18, චාමර අතපත්තු 39/5, ලහිරු බණ්ඩාර 48/3)

සුමංගල විදුහල දෙවැනි ඉනිම ඕවර 35.5 කදී සියලූ දෙනා දැවී 96
(නිපුන කරුණාරත්න 23, එරංග විජේසිරි 15, එම්. සිරාස් 26/4, එම්. රිස්ඛාන් 6/4, එම්. අයස්ඞීන් 51/2)

මදීනා මැදි විදුහල දෙවැනි ඉනිම ඕවර 18.4 කදී කඩුලූ 2 කට 66
(අජාස් මොහොමඞ් 33)

036


අදහස් (0)

සිරාස්ගේ දස්කමින් මදීනා මැදි විදුහල කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.