Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශෙහාන්ගෙන් දස්කම් ජෝන් කීල්ස්ට ජයගෙනේ

ශෙහාන්ගෙන් දස්කම් ජෝන් කීල්ස්ට ජයගෙනේ

ශනුක අරවින්ද - 2013 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හැටන් නැෂනල් බැංකු පිල පරදවා ලකුණු 181 කින් ජයගැනීමට ජෝන් කීල්ස් පිල ඊයේ (09 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හැටන් නැෂනල් බැංකු කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට ජෝන් කීල්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ජෝන් කීල්ස් පිල  ඕවර 50 අවසානයේදී කඩුලූ 9 කට ලකුණු 302 ක් ලබාගත් අතර පන්දු 103 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 103 ක් ලබා ගැනීමට ශෙහාන් ජයසූරිය සමත් විය.

ලකුණු 302 ක ඉලක්කයක් හඹා ගිය හැටන් නැෂනල් බැංකු කණ්ඩායම  ඕවර 37.3 කදී ලකුණු 121 කට සියලූ දෙනා දැවී ගිය අතර ශෙහාන් ජයසූරිය ලකුණු 21 කට කඩුලූ 3 ක් දවා ගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද  දස්කම් දක්වන්නට සමත්විය.

ජෝන් කීල්ස් ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 302
(ශෙහාන් ජයසූරිය 103, රොෂේන් සිල්වා 33, අක්ෂු ප‍්‍රනාන්දු 32, හේෂාන් ගුණතිලක 47/3, සජීව වීරකෝන් 54/3)

හැටන් නැෂනල් බැංකුව ඕවර 37.3 කදී සියලූ දෙනා දැවී 121
(කෝසල කුලසේකර 36, දේශාන් ඩයස් 20, ශෙහාන් ජයසූරිය 21/3, ඉශාන් ජයරත්න 17/2, උපුල් ඉන්ද්‍රසිරි 27/2)

 


 


අදහස් (0)

ශෙහාන්ගෙන් දස්කම් ජෝන් කීල්ස්ට ජයගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.