Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශූරයා රොනන් : ශූරිය ශිරාණි

ශූරයා රොනන් : ශූරිය ශිරාණි

ශනුක අරවින්ද - 2017 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ ගුවන් හමුදාපති අභියෝග විවෘත ගොල්ෆ් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව දිනාගැනීමට ලකුණු 31 ක් ලබාගත් රොනන් හෝල් සමත් විය. ලකුණු 34 ක් ලබාගත් ශිරාණි ඩෆන් කාන්තා අංශයේ ශූරතාව දිනා ගත්තාය.

මෙම තරගයට සමගාමීව ‘වළට ඉතාම ආසන්නයේ වැටෙන පරිදි ගැසූ දීර්ඝතම තනි පහර’ ලෙසද තරගයක් පැවැති අතර එහි පිරිමි අංශයේදී රවීන්ද්‍ර සත්‍යජිත් විජේරත්න සහ සෙන්ග් නැන්හායි ජයග‍්‍රහණ ලැබූහ. ෂෙරොන් හෝල් සහ ඩැනී හමීඞ්  එහි කාන්තා අංශයේ ශූරතා දිනාගත්හ.

ති‍්‍රකුණාමලය, චින වරාය ගුවන් හමුදා ‘ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්’ පිටියේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා කි‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 63 දෙනෙක් සහභාගි වූහ. තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට කුසලාන ප‍්‍රදානය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ‘බේ වීව්’ අවන්හලේදී පැවැත්විණි.

තරගාවලිය සදහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඞී. එල්. එස්. ඩයස්, අධ්‍යක්‍ෂක ගුවන් මෙහෙයුම් සහ ගුවන් හමුදා ගොල්ෆ් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ජේ. පී. වනිගතුංග, සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එච්. එම්. කොටකදෙණිය සහ චීන වාරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් පී. ඞී. ජයසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

-036

 


අදහස් (0)

ශූරයා රොනන් : ශූරිය ශිරාණි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.