Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශූරයා චන්දූප : ශූරිය බිමන්දි

ශූරයා චන්දූප : ශූරිය බිමන්දි

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සබරගමු පළාත් මහ ඇමති ‘මහීපාල හේරත්’ අභියෝග ශූරතා කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර කින්ස්වුඞ් විදුහලේ චන්දූප අලහකෝන් සම්මාන දිනාගත්තේය. මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාර එහි දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය. 


බාලක වයස 15 න් පහළ අනුශූරතාව හිමිකරගත් චන්දූප අලහකෝන්, වයස 18 න් පහළ ශූරතාවද දිනාගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය. බිමන්දි බණ්ඩාර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ බාලිකා වයස 12 න් පහළ ශූරතාව දිනාගනිමින් සහ 15 න් පහළ අනුශූරතාව හිමිකරගනිමිනි. 


කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් කෑගල්ල විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්විණ. සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ. 


බාලක තරග ප්‍රතිඵල 

■    වයස 10 න් පහළ 

සයිෆුල්ලා අක්‍රම් (මහනුවර අල්හුදා ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-2 ක් ලෙස කෙකරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/7, 9/11, 9/11, 11/6, 11/9) 


■    වයස 12 න් පහළ 

සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හසිඳු රොද්‍රිගූ (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි. (9/11, 11/6, 8/11, 11/4, 11/4) 


■    වයස 15 න් පහළ 

දෙව්මිත් වීරසේන (නුගේගොඩ ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-1 ක් ලෙස චන්දූප අලහකෝන් (මහනුවර ධර්මපාල විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/4, 5/11, 11/9) 


■    වයස 18 න් පහළ 

චන්දූප අලහකෝන් (මහනුවර ධර්මපාල විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස නිමේෂ් රාංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/7, 11/5, 5/11, 12/10) 


බාලිකා තරග ප්‍රතිඵල

■    වයස 10 න් පහළ 

ෆාත්මාත් අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස එෂ්මිනි සදුන්‍යා (කෑගලු බාලිකා මහ විදුහල) පරාජය කරන ලදි. (11/5, 11/6, 11/5) 


■    වයස 12 න් පහළ 

බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස නදිති රෙහන්සා (අමබලන්ගොඩ ප්‍රජාපති බාලිකා විදුහල)  පරාජය කරන ලදි. (11/8, 6/11, 11/8, 11/3) 


■    වයස 15 න් පහළ 

ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/5, 11/6) 


■    වයස 18 න් පහළ 

හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/7, 11/5) 

 


අදහස් (0)

ශූරයා චන්දූප : ශූරිය බිමන්දි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.