කුරුණෑගල නෙට් චෑම්ප්ස් කී‍්‍රඩා සමාජය දෙවන වරට සංවිධානය කළ සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියේ විවෘත අංශයේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමත්විය. මෙහිදී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා කන්‍යාරාම බාළිකාවෝ ශූරතා දෙකක් දිනාගැනීමට සමත් වූහ.
දින දෙකක් පුරා කුරුණෑගල මාළිගා පිටියේදී පැවැති මෙම තරගාවලිය වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ විවෘත යන අංශ 4 කින් යුක්ත වූ අතර දිවයින පුරා කණ්ඩායම් 47 ක් සහභාගී වූහ.
වයස අවුරුදු 13 න් පහළ අවසන් තරගයේදී කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ලකුණු 12-04 ක් ලෙස පරාජය කරමින් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා කන්‍යාරාමය ශූරතාව දිනාගත්තේය.
අවුරුදු 15න් පහළ අවසන් තරගයේදී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා කන්‍යාරාමය ලකුණු 14-11 ක් ලෙස පරදා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ශූරතාව දිනාගත්තේය.
අවුරුදු 17 න් පහළ අවසන් තරගයේදී මහකෙලිය මහ විද්‍යාලය ලකුණු 17-15 ක් ලෙස පරදා කුරුණෑගල ශුද්ධ වු පවුලේ බාලිකා කන්‍යාරාමය ශූරතාව දිනාගත්තේය.
විවෘත තරගයේදී ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම 28-18 ක් ලෙස පැරදවූ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම විවෘත අංශයේ ශූරතාවය දිනාගත්තේය.
ගලූකු ලංකා සමාගම මෙම තරගාවලියට අනුග‍්‍රහය දැක්වූ අතර ජයසංඛේත සහ සහතික පත් ප‍්‍රදානය සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කාන්තා පාපන්දු අංශයේ අධ්‍යක්ෂිකා ඔලීවියා ගමගේ මහත්ම මහත්මිය අතින් සිදුකෙරිණි.
විවෘත තරගයේ ජය හිමිකරගත් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම
17 න් පහළ ශූරතාව දිනාගත් කුරුණෑගල ශුද්ධ වු පවුලේ කන්‍යාරාම බාලිකා විදුහල
13 න් පහළ අවසන් තරගයේ ජය හිමිකර ගත් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම බාලිකා විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.