Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකාවට රන් - ලෝකඩ පදක්කම්

ශී‍්‍ර ලංකාවට රන් - ලෝකඩ පදක්කම්

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ‍්‍රසීලයේ පැවැති ලෝක පාසල් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ඇතුළුව පදක්කම් හතක් දිනා ගැනීමට සමත් විය.

එම තරගාවලියේ වයස 11 න් පහළ බාලක අංශය නියෝජනය කළ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න එම වයස් කාණ්ඩයේ රන් පදක්කමද, කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ඊෂා පලීල් වයස 7 න් පහළ බාලිකා අංශයේ ලෝකඩ පදක්කම දිනාගත්තේය.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අයි.එම්.ටී.එස්. ගුණවර්ධන වයස 7 න් පහළ බාලිකා අංශය නියෝජනය කරමින් හතරවන ස්ථානය ද, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්. සසිත් නිපුන් පියුමන්ත වයස 13 න් පහළ බාලක අංශයේ හයවැනි ස්ථානය ද, ආසියානු ග්‍රැමර් පාසලේ නෙත්මි නිරාශා ගමගේ 13 න් පහළ බාලිකා අංශයේ 6 වැනි ස්ථානයද, කොළඹ නාලන්දා විද්‍යාලයේ සස්මිත කොටුවැල්ල වයස 7 න් පහළ බාලක අංශයේ නව වැනි ස්ථානය ද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කසුන් විමලසූරිය වයස 17 න් පහළ බාලක අංශයේ නව වැනි ස්ථානය ද ලබා ගනිමින් වයස් කාණ්ඩවල ලෝකයේ හොඳම දස දෙනාට හිමි පදක්කම් හිමිකර ගත්හ.


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට රන් - ලෝකඩ පදක්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.