Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් 4 යි - ලෝකඩ 8 යි

ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් 4 යි - ලෝකඩ 8 යි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේදී රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ.

එහිදී වයස 18 න් පහළ කනිෂ්ඨ බාලිකා කණ්ඩායම් ඉසව්වෙන්, වයස 18 න් පහළ කනිෂ්ඨ බාලිකා යුගල ඉසව්වෙන්, වයස 15 න් පහළ ආධුනික බාලක කණ්ඩායම් ඉසව්වෙන් සහ වයස 15 න් පහළ ආධුනික බාලිකා කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් හිමිවිය.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින යන රටවල් මෙම තරගාවලියට සහභාගී විය.

රිදී පදක්කම් දිනූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ

  • රුවිනි කන්නංගර සහ මුතුමාලි පි‍්‍රදර්ශනී (වයස 18 න් පහළ කනිෂ්ඨ බාලිකා යුගළ ඉසව්ව)
  • රුවිනි කන්නංගර, මුතුමාලි පි‍්‍රදර්ශනී, තෙදිනි තුෂාරා සහ පවනි සිරිසේන (වයස 18 න් පහළ කනිෂ්ඨ බාලිකා කණ්ඩායම් ඉසව්ව)
  • දිනේෂ් කවිෂ්ක, දිෂංක තෙන්නකෝන්, හිම්සර ද සිල්වා (වයස 15 න් පහළ ආධුනික බාලක කණ්ඩායම් ඉසව්ව)
  • ශේෂලා බණ්ඩාර, හංසනී කපුගීකියන සහ චමත්සරා ප‍්‍රනාන්දු (වයස 15 න් පහළ ආධුනික බාලිකා කණ්ඩායම් ඉසව්ව)

ලෝකඩ පදක්කම් දිනූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ

  • ප‍්‍රසාද් ද සිල්වා (වයස 18 න් පහළ කනිෂ්ඨ බාලක කේවල ඉසව්ව)
  • රුවිනි කන්නංගර (වයස 18 න් පහළ කනිෂ්ඨ බාලිකා කේවල ඉසව්ව)
  • මුතුමාලි පි‍්‍රදර්ශනී (වයස 18 න් පහළ කනිෂ්ඨ බාලිකා කේවල ඉසව්ව)
  • ප‍්‍රසාද් ද සිල්වා සහ සුපුන වරුසවිතාන (වයස 18 න් පහළ කනිෂ්ඨ බාලක යුගල ඉසව්ව)
  • ප‍්‍රසාද් ද සිල්වා, සුපුන වරුසවිතාන, කි‍්‍රෂාන් වික‍්‍රමරත්න සහ චින්තක ඒකනායක (වයස 18 න් පහළ කනිෂ්ඨ බාලක කණ්ඩායම් ඉසව්ව)
  • දිෂංක තෙන්නකෝන් (වයස 15 න් පහළ ආධුනික බාලක කේවල ඉසව්ව)
  • ශේෂලා බණ්ඩාර (වයස 15 න් පහළ ආධුනික බාලිකා කේවල ඉසව්ව)
  • හංසනී කපුගීකියන (වයස 15 න් පහළ ආධුනික බාලිකා කේවල ඉසව්ව)

ශ්‍රී ලංකා කණ්ඩායම

 

 

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් 4 යි - ලෝකඩ 8 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.