Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා මල්ලව පොර කී‍්‍රඩකයෝ තිදෙනෙක් හන්ගේරියාවේදදී සැඟවෙති

ශී‍්‍ර ලංකා මල්ලව පොර කී‍්‍රඩකයෝ තිදෙනෙක් හන්ගේරියාවේදදී සැඟවෙති

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හංගේරියාවේදී පැවැති ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් තිදෙනෙකු එරටදී අතුරුදන්වී ඇතැයි වාර්තාවේ.

හංගේරියාවේදී අතුරුදන්වූ බව කියන ශ්‍රී ලාංකික ක‍්‍රීඩකයකු වසර 2006 කොළඹ පැවැති 10 වැනි සාෆ් ක‍්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගත් අයෙකු බවත් දැනගන්නට ඇත.

ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් හත්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. අතුරුදන් වූ බව කියන ශ්‍රී ලංකා මල්ලවපොර ක‍්‍රීඩකයන් තිදෙනා මෙරට ආරක්ෂක හමුදාවක සේවය කරන්නන් බවද දැනගන්නට ඇත.

මල්ලවපොර ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අතුරුදන් වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් මේ වන විට ඉතාලියට ගොස් එහිදී රැුකියාවල නිරතව සිටින බවය.

මෙම සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කළමනාකරුවෙකු, පුහුණුකරුවෙකු හා තාක්ෂණික නිලධාරියකුද සහභාගි වී තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයට නියම කර ඇතැයිද වාර්තාවේ.

විශේෂයෙන්ම යුරෝපා රටවලට යන ශ්‍රී ලංකා ක‍්‍රීඩා කණ්ඩායම්වල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නැවැත සියරටට පැමිණෙන බවට නීතිඥයකු මගින් ක‍්‍රීඩා අමාත්‍යංශයට සහතික කළ යුතු අතර එම නියමය තවමත් ක‍්‍රියාත්මක වන බවද වාර්තාවේ.


අදහස් (0)

ශී‍්‍ර ලංකා මල්ලව පොර කී‍්‍රඩකයෝ තිදෙනෙක් හන්ගේරියාවේදදී සැඟවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.