තායිවානයේ තායිචුන් නුවර පැවැති 10 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී රන් පදක්කම් 2 ක්, රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කනිෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ.
වයස 13 න් පහළ බාලක ඉසව්ව නියෝජනය කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නිපුන් පියුමන්ත සහ වයස 15 න් පහළ බාලිකා ඉසව්ව නියෝජනය කළ කොළඹ මියුසියස් විදුහලේ ඉෂිනි වික‍්‍රමසිංහ, එම රන්පදක්කම 2 ට හිමිකම් කීහ.
තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ එකම රිදී පදක්කම තමන්සතු කරගැනීමට වයස 7 න් පහළ බාලිකා ඉසව්ව නියෝජනය කළ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ අයි. එම්. ටී. එස්. ගුණවර්ධන සමත්වූවාය.
කෙවින් රනිඳු (සිරිකුරුස විදුහල - වයස 9 න් පහළ), කසුන් විමලසූරිය (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල - වයස 17 න් පහළ), ඊෂා පිල්ලේ (මිලාගිරිය ශාන්ත පාවුලූ බාලිකා විදුහල - වයස 7 න් පහළ), මෙත්මනී නෙළුනිකා (නුගේගොඩ අනුලා විද්‍යාලය - වයස 17 න් පහළ), යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ලෝකඩ පදක්කම් දිනාගත්හ.
ශ්‍රී ලංකාව සමගින් තායිවානය, ඉන්දියාව, මැලේසියාව, මොංගෝලියාව, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රඊ්‍යය, චීනය, කොරියාව, නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව, හොංකොං සහ සිංගප්පූරුව යන රටවල් මෙම තරගාවලියට සහභාගී වූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.