අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ දෙහිවල ශ‍්‍රාස්ත‍්‍රානන්ද මැදි විදුහල අතර පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීමේ උත්සහයක නිරතවන ශ‍්‍රාස්ත‍්‍රානන්ද මැදි විදුහල ලකුණු 11 කට කඩුලූ 2 ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ආනා විදුහල ලකුණු 231 රැස්කළ අතර එහිදී ගයේෂ් කුමාරසිංහ ලකුණු 65 ක් රැුස්කිරීමට සමත්විය. ඉන් නොනැවතුන ගයේෂ් ලකුණු 40 කට කඩුලූ 6 ක්ද දවාගනිමින් ශ‍්‍රාස්ත‍්‍රානන්ද පළමු ඉනිම ලකුණු 115 කට සීමා කිරීම් පුරෝගාමියාද විය.
මෙම තරගය ඊයේ සහ අද (29-30) කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම ඕවර 59 කදී සියලූදෙනා දැවී 231
(ගයේෂ් කුමාරසිංහ 65, මොහොමඞ් අෆ්සාල් 26, හිමාල් හසරංග 26, නිපුන් සචිත‍්‍ර 37/4, රුවන් ලක්ෂාන් 54/3)
ශ‍්‍රාස්ත‍්‍රානන්ද මැදි විදුහල පළමු ඉනිම ඕවර 31 කදී සියලූදෙනා දැවී 115
(අමිල මධුසංක 36, රවිඳු දුෂ්මන්ත 23, ගයේෂ් කුමාරසිංහ 40/6, යොහාන් කල්හාර 10/3)
ශ‍්‍රාස්ත‍්‍රානන්ද මැදි විදුහල දෙවැනි ඉනිම ඕවර 3 කදී කඩුලූ 2 කට 11
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.