‘එෆ් 1 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ තරග වලදී පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවේ ශාමල් දිසානායකට සහ යසිත ද සිල්වාට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.
දෙවැනි වටයේ තරග වලදී ඉතාලියේ ඬේවිඞ් ගලොප්පිනි හමුවේ තරග වට 2-0 ක් ලෙස යසිත ද සිල්වා පරාජයට පත් වූ අතර රුසියාවේ මයිකල් කොරොවින් හමුවේ තරග වට 2-0 ක් ලෙස ශාමල් දිසානායක පරාජයට පත්විය.
යසිත ද සිල්වාට එරෙහිව පැවැති තරගයේ පළමු වටයේදී ලකුණු 6/1 ක් ලෙසද, දෙවැනි වටයේදී ලකුණු 6/2 ක් ලෙසද පහසු ජයග්‍රහණ අත්කර ගැනීමට ඬේවිඞ් ගලොප්පිනි සමත් විය.
මයිකල් කොරොවින් සහ ශාමල් දිසානායක අතර පැවැති තරගයේ පළමු වටය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තේ එහිදී ඔවුන් දෙදෙනා එකිනෙකා පරයමින් ලකුණු රැස්කිරීමට සමත් වීම හේතුවෙනි.
එහෙත් කරට කර සටනකින් අනතුරුව ලකුණු 7/6 ක් ලෙස පළමු වටයෙන් ඉතා තියුණු ජයක් අත්කරගත් මයිකල් කොරොවින්, එම වටය අවසන් වන විට වෙහෙසට පත්ව සිටි බව පෙනුනු ශාමල් දිසානායක දෙවැනි වටයේදී ලකුණු 6/0 ක් ලෙස පහසුවෙන්ම පරාජය කළේය.
ඬේවිඞ් ගලොප්පිනි ලෝක ටෙනිස් ශේණිගත කිරීම් අනුව 617 වැනි ස්ථානයේ පසුවන අතර ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මයිකල් කොරොවින්ට හිමිව ඇත්තේ 1129 වැනි ස්ථානයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.