Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ප්‍රබලතම පාසල් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් වන මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර 83 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ මහ ක්‍රිකට් තරගයට ප්‍රධාන අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත්ව සිටියි. මෙවර තරගය මාර්තු මස 3 සහ 4 දෙදින කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම අනුග්‍රහය නිල වශයෙන් පිරිනැමීම පසුගියදා කොළඹදී පැවැත්විණි. මේ අවස්ථාවට ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍ය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද සහභාගි වී සිටියේය. මෙම තරගයේ සම අනුග්‍රහකයන් ලෙස සිලෝන් කෝල්ඞ් ස්ටෝස්, කීල්ස් කේ-රෙස්ට්, නෙස්ලේ සහ ජෙට්වින් හෝලටය එක්ව සිටියි.
මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායකයා ලෙස හරීන් කුරේද, ශාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස ලක්‍ෂිණ රොද්‍රිගුද, කටයුතු කරති.
දෙවිදුහල් අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 25 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඩයලොග් එන්ට්‍රප්‍රයිසස්හි සමූහ ප්‍රධානී ජෙරමි හෂ්ටබල් මහතා විසින් ශාන්ත පීතර විදුහලේ විදුහල්පති ටේරවර් මාටින් සහ ශාන්ත ජෝශප් විදුහලේ ඇන්ටන් රංජිත් යන පියතුමන්ලාට අනුග්‍රහක චෙක්පත නිල වශයෙන් ප්‍රදාන කරන ලද අවස්ථාව. ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායක හරීන් කුරේ සහ ශාන්ත පීතර විදුහල් පිලේ නායක ලක්‍ෂිණ රොද්‍රිගුද ඡායාරූපයේ සිටිති. |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.