Last Update  :  2026-03-19 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්තුවරයන්ගේ සටන අද ඇරඹේ
මහ ක්‍රිකට් තරග - 2026

ශාන්තුවරයන්ගේ සටන අද ඇරඹේ

editorial - 2026 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශානුක අරවින්ද

මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන 92 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (19) සිට සෙනසුරාදා (21) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයට සමගාමීව පැවැත්වෙන 52 වැනි වාර්ෂික එක්දින තරගය 25 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

මෙවර මහ ක්‍රිකට් තරගයේදී ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රිෂ්ම අමරසිංහට පැවරී තිබේ. එහිදී ශාන්ත පීතර විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ එනෝෂ් පීටර්සන් විසිනි. මෙහි තෙදින තරගය ‘ගරු මොරිස් ජේ. ලෙගෝ පියතුමන් කුසලාන’ වෙනුවෙන්ද, එක්දින තරගය ‘පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලාන’ වෙනුවෙන්ද පැවැත්වෙනු ඇත. මෙවර ශාන්තුවරයන්ගේ සටනේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරයි.

දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ ක්‍රිකට් තරග 91 දී ජයග්‍රහණ 12 ක් අත්කර ගැනීමට ශාන්ත ජෝශප් විදුහල සමත්ව ඇති අතර ශාන්ත පීතර විදුහල තරග 10 ක් ජයගෙන තිබේ. තරග 69 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. ශාන්ත ජෝශප් විදුහල 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්ව යටතේද, ශාන්ත පීතර විදුහල 2016 වසරේදී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ අවසන් වරට ශාන්තුවරයන්ගේ සටන ජයගෙන තිබේ.

මෙතෙක් පැවති එක්දින තරග 51 න් තරග 25 ක් ජයගැනීමට ශාන්ත ජෝශප් විදුහල සමත්ව ඇති අතර ශාන්ත පීතර තරග 23 ක් ජයගෙන ඇත. එක් තරගයක් ලකුණු සම වීමෙන්ද, සෙසු තරග 2 විසඳුමකින් තොරවද නිමාවට පත්ව තිබේ. අවසන් වරට 2025 වසරේදී පැවැති තරගයේදී කඩුලු 4 කින් ශාන්ත ෂෝශප් විදුහල පරාජයට පත්කිරීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

මෙවර අන්තර් පාසල් වයස 19 න් පහළ තරග වාරයේදී තරග 12 කට ක්‍රීඩා කර ඇති ශාන්ත ජෝශප් විදුහල, එහිදී මාතර ශාන්ත සර්වේෂස් විදුහලට සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව ජයග්‍රහණ ලබා තිබේ. ඔවුන් සහභාගි වූ සෙසු තරග 10 ම ජය පැරදුමකින් තොරව නිමාවට පත්ව ඇත. මෙවර තරග වාරය තුළ අපරාජිතව සිටින ශාන්ත පීතර විදුහලද තරග 10 සහභාගි වී එම තරග 10 ම ජය පැරදුමකින් තොරව අවසන් කරගෙන ඇත.

දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, දුනිත් වෙල්ලාලගේ, ෂෙවෝන් ඩැනියෙල්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩෝට්, රොෂේන් සිල්වා සහ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකාව නියෝජනය කළ ශාන්ත ජෝශප් ක්‍රීඩකයන් වන අතර රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආනල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා, ජනිත් ලියනගේ සහ දුෂාන් හේමන්ත එම අවස්ථාව උදාකර ගත් ශාන්ත පීතර ක්‍රීඩකයෝ වෙති.

 

ශාන්ත පීතර විදුහල

ඉදිරි පෙළ (වමේ සිට) - ආර්.පී.එච්.පී. පෙරේරා මහතා (අභ්‍යාසක සහ භෞතචිකිත්සක), නලින් විජේසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), රොහාන් ප්‍රනාන්දු මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), එනෝෂ් පීටර්සන් (නායක), පූජ්‍ය රෝහිත රොද්‍රිගූ පියතුමන් (ප්‍රධාන දේවගැති තුමා), පූජ්‍ය ප්‍රවීන් විජේසේකර පියතුමන් (ක්‍රිකට් භාර පියතුමන්), අසදිස ද සිල්වා (උප නායක), තුෂාර මධුෂාන් මහතා (සහාය පුහුණුකරු), දිනුක ගොඩකන්ද මහතා (දෙවැනි පෙළ පුහුණුකරු)

දෙවැනි පෙළ (වමේ සිට) - දිනෙත් ද සිල්වා, තරින් සෙන්විදු, හිරුක සිල්වා, ජොෂුවා සෙබස්තියන්, සදීෂ කාරියවසම්, සවි ප්‍රනාන්දු, ජේසන් ප්‍රනාන්දු, තරීන් සංකේත්, ජනිත් පන්ඩිතරත්න සහ යතින්ද්‍ර ජයවීර

තෙවැනි පෙළ (වමේ සිට) - දින්සර රත්නවීර, ශදීෂ සිල්වා, තෙනුර දිසානායක, ශවිඳු සිල්වා, දිමල්ෂ ජයවර්ධන, එවාන් රොද්‍රිගූ, මෙනුර දිසානායක සහ ඕෂධ අකලංක 

 

ශාන්ත ජෝශප් විදුහල

ඉදිරි පෙළ (වමේ සිට) - ළහිරු වික්‍රමසිංහ මහතා (පළමු පෙළ සහාය පුහුණුකරු), ලක්මාල් ද සිල්වා මහතා (පළමු පෙළ ප්‍රධාන පුහුණුකරු), නුෂාන් පෙරේරා, ආසිරි කල්දේරා මහතා (පළමු පෙළ ක්‍රිකට් භාර ආචාර්ය), රිෂ්ම අමරසිංහ (නායක), සමේෂ් ඇන්තනී පියතුමන් (ක්‍රීඩා පාලක), පූජ්‍ය රංජිත් ඇන්ඩ්‍රාඩි පියතුමන් (ප්‍රධාන දේවගැති තුමා), ප්‍රියාන් තිසේරා පියතුමන් (උප ප්‍රධාන දේවගැති තුමා), සෙනුජ වකුණගොඩ (උප නායක), සංජීව ප්‍රනාන්දු මහතා (දෙවැනි පෙළ ක්‍රිකට් භාර ආචාර්ය), අවීෂ සමාෂ්, ප්‍රදීප් මුණසිංහ මහතා (දෙවැනි පෙළ පුහුණුකරු), හසිත දිල්හාර මහතා (පන්දු රැකීමේ පුහුණුකරු) සහ මිරංග වික්‍රමගේ මහතා (පළමු පෙළ සහාය පුහුණුකරු)

පසු පෙළ (වමේ සිට) - චේතින කාවින්ද, මාරියෝ සමරවීර, දිල්ප මධුරංග, විශ්ව පීරිස්, දිහේන් ද සිල්වා, නිම්තක ගුණවර්ධන, යෙනුල දන්තනාරායන, චමත් පෙරේරා, නෙතුල දම්තුස, නිර්වාන් ජයතිලක, ඩිමියොන් ද සිල්වා, ප්‍රමෝද දල්පදාදු, දිසිනු සමරසිංහ, තිසංග පෙරේරා සහ විග්නේෂ්වරන් අකාෂ්

 


අදහස් (0)

ශාන්තුවරයන්ගේ සටන අද ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.