අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර කටුනේරියේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 99 ක ජයක් වාර්තා කිරීමට කෑගල්ල ශාන්ත මරියා විදුහල සමත් විය.
ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 144 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ශා. සෙබස්තියන් විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 45 ක් පමණි.
ශා. සෙබස්තියන් ඉනිම් දෙකේදීම කඩුලූ 5 බැගින් දවාලීමට ශාන්ත මරියා විදුහලේ දඟපන්දු යවන්නන් වන සුපුන් කුමාර සහ ඉසුරු විජේරත්න සමත්වූහ. එහිදී සුපුන් කුමාර ලකුණු 70 කට කඩුලූ 10 ක් දවගත් අතර ඉසුරු විජේරත්න ලකුණු 87 කට කඩුලූ 10 ක් දවාගත්තේය.
ශාන්ත මරියා විදුහල පළමු ඉනිම - ඕවර 75.1 කදී සියලූ දෙනා දැවී 289
(නුරාජ් රත්නායක 62, හසංක දිල්රුක්ෂ 50, සුපුන් කුමාර 44, මලිත් හේවාවිතාන 39, ගයිත කොටුවේගෙදර 39, හරිත් මධුෂාන් 3/51, පැතුම් ඩිල්ශාන් 2/34)
ශා. සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 68.2 කදී සියලූ දෙනා දැවී 145
(ශිහාන් නුදාර 32, නිමේෂ් ධනංජය 26, රුසිත් ගයාන් 21, සුපුන් කුමාර 5/50, ඉසුරු විජේරත්න 5/63)
ශා. සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 25 කදී සියලූ දෙනා දැවී 45
(සුපුන් කුමාර 5/20, ඉසුරු විජේරත්න 5/24)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.