Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත බෙනඩික්ට් අර්ධ අවසන් පූර්ව වටයට

ශාන්ත බෙනඩික්ට් අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොටහේන ශාන්ත බෙනඩික්ට්  විද්‍යාලය  සමත්විය.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි වටයේ තරගයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට්  විද්‍යාලය විසින් සත්කාරක මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ලකුණු 55 කින් පරාජය කරන ලදි. මෙම තරගයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු අකේන් පෙරේරා ලකුණු 80ක් රැස් කළ අතර, පන්දුවෙන් දස්කම් දැක්වූ ලිතික පසන්දුල් ලකුණු 9කට කඩුලු 4ක් දවාලීය.


කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී 140 යි 
(අකේන් පෙරේරා 80, චෙනුල් ජයවික්‍රම 12/3, පේෂල සෙනෙවිරත්න 22/3, ඉෂාන් දොඩන්ගොල්ල 31/2)

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය - ඕවර 20.4 කදී සියලුදෙනා දැවී 85 යි 
(මනුත් විශ්වකුල 27, ලිතික පසන්දුල් 09/4, රුවින්ද දිදුලක 08/2, තිසුම් පෙරේරා 09/2, පරන්තමන් රෝහින්ත් 10/2)



අදහස් (0)

ශාන්ත බෙනඩික්ට් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.