Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත පීතර ‘බී’ පිල අවසන් තරගයට

ශාන්ත පීතර ‘බී’ පිල අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අද (12 වැනිදා) සමත් විය.

මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසලට එරෙහිව කඳානේදී පැවැති අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, එහිදී ලබාගත් ප්‍රසාද ලකුණු අනුව ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායමේ ගවින් කරුණාකලගේ නොදැවී ලකුණු 35 ක්ද, තිලෝක ද සිල්වා නොදැවී ලකුණු 20 ක්ද ලබා තරගය නිමා වන තෙක් කඩුල්ලේ රැදීසිටිමින් සිය කණ්ඩායම අවසන් මහ තරගයට රැගෙන ගියහ.

ගලහිටියාව මැදි විදුහලට එරෙහිව බම්බලපිටියේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසි අතර නාලන්දා ජාතික පාසල අවසන් පූර්ව වටයට පිවිසියේ පොල්ගහවෙල ශාන්ත බර්නඩෙත් විදුහලට එරෙහිව පොල්ගහවෙලදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමිනි.

 

මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල පළමු ඉනිම - ඕවර 59.3 කදී කඩුලු 8 ක් දැවී  152  
(අචින්ත වරුණ 43, තිලෝක ද සිල්වා 6/2, සිතුම් සිල්වා 27/2)

ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 3 ක් දැවී 114  
(ගවින් කරුණාකලගේ නොදැවී 35, තිලෝක ද සිල්වා නොදැවී 20)

 


අදහස් (0)

ශාන්ත පීතර ‘බී’ පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.