Last Update  :  2026-03-21 17:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 104 ක් ඉදිරියෙන්
ශාන්තුවරයන්ගේ සටන

ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 104 ක් ඉදිරියෙන්

editorial - 2026 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 92 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත පිතර විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියේය.

ඒ අනුව ශාන්ත පීතරයෝ කඩුලු 3 ක් අතැතිව ශාන්ත ජෝෂප් විදුහලට වඩා තවත් ලකුණු 104 ක් පසුපසින් සිටිති. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 62 ක් ලබා සිටි ජේසන් ප්‍රනාන්දුගේ දැවී යෑමත් සමග දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.  

ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳ වැටීමෙන් ශාන්ත පීතර විදුහල අසීරු තත්වකට මුහුණ පා සිටියදී, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමට අසදිස ද සිල්වා (78) සහ ශවිඳු සිල්වා (62) සමත් වූහ. අසදිසගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර ශවිදුගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් අන්තර්ගත විය.

පළමු දිනය අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 281 ක් ලබා සිටි ශාන්ත ජෝෂප් විදුහල, ඊයේ දිනයේදී කඩුලු 3 ක් අහිමි කරගනිමින් සිය පළමු ඉනිමට තවත් ලකුණු 71 ක් එක්කර ගත්හ. කඩුලු 8 ක් දැවී ලකුණු 352 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ ශාන්ත ජෝෂප් කණ්ඩායම් නායක රිෂ්ම අමරසිංහ, ශාන්ත පීතර විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. 

ඒ වන විට චේතින කාවින්ද හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශවිදු සිල්වා ලකුණු 95 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය. එහිදී ජනිත් පණ්ඩිතරත්න කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූයේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 76 ක් ලබා දෙමිනි.  


ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 110.4 කදී කඩුලු 8 ක් දැවී 352 
(යෙනුල දන්තනාරායන 84, අවීෂ සමාෂ් 53, සෙනුජ වකුනගොඩ 88, රිෂ්ම අමරසිංහ 22, පමෝද දල්පදාදු 22, චේතින කාවින්ද නොදැවී 39, නුෂාන් පෙරේරා 28, ශවිදු සිල්වා 95/5, ජනිත් පණ්ඩිතරත්න 76/3) 

ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 61.1 කදී කඩුලු 7 ක් දැවී 248  
(අසදිස ද සිල්වා 78, ශවිඳු සිල්වා 62, ජේසන් ප්‍රනාන්දු 67, විග්නේෂ්වරන් ආකාෂ් 39/3) 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 104 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.