ගයේෂ් කුමාරසිංහගේ තුන්ඉරියව් දස්කම් හේතුවෙන් අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ඊයේ සහ අද (30-31) කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයකින් දෙහිවල ශාස්ත‍්‍රානන්ද මැදි විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ආනා විදුහල සමත්විය.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 116 ක ඉලක්කයක් හඹාගිය ශාස්ත‍්‍රානන්ද මැදි විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූදෙනා දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 91 ක් පමණි.
ශාන්ත ආනා විදුහලේ ගයේෂ් කුමාරසිංහ ඉනිම් දෙකේදීම කඩුලූ 6 බැගින් දවාගනිමින් ශාස්ත‍්‍රානන්ද පිතිකරුවන් අසරණ කළ අතර තරගය අවසානයේදී ඔහුගේ කඩුලූ මල්ල ලකුණු 65 කට කඩුලූ 12 ක් ලෙස බරවී තිබිණ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ආනා විදුහල ලකුණු 231 රැස්කළ අතර එහිදී ගයේෂ් කුමාරසිංහ ලකුණු 65 ක් රැුස්කරමින් පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත්විය.
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම ඕවර 59 කදී සියලූදෙනා දැවී 231
(ගයේෂ් කුමාරසිංහ 65, මොහොමඕ අෆ්සාල් 26, හිමාල් හසරංග 26, නිපුන් සචිත‍්‍ර 37/4, රුවන් ලක්ෂාන් 54/3)
ශාස්ත‍්‍රානන්ද මැදි විදුහල පළමු ඉනිම ඕවර 31 කදී සියලූදෙනා දැවී 115
(අමිල මධුසංක 36, රවිඳු දුෂ්මන්ත 23, ගයේෂ් කුමාරසිංහ 40/6, යොහාන් කල්හාර 10/3)
ශාස්ත‍්‍රානන්ද මැදි විදුහල දෙවැනි ඉනිම ඕවර 25 කදී සියලූදෙනා දැවී 91
(ගයාන් කණිෂ්ක 17, සංජීව සොයිසා 16, ගයේෂ් කුමාරසිංහ 25/6, යොහාන් කල්හාර 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.