Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය වර්ණවත් කළ ශාන්ත ආනා විදුහලේ පිතිකරුවෝ අද ආරම්භ වූ 34 වැනි ඇතුගල්පුර සටන මහා ක්‍රිකට් තරගයේ දී මලියදේව විදුහල් පිල එහෙම පිටින්ම තලා දමා කඩුලු 7කට ලකුණු 307ක්ම රැස් කිරීමට සමත්වූහ.
මලියදේව විදුහල දිනය නිමාවනවිට කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 42කි. ඒ අනුව ඔවුන් ශාන්ත ආනා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 259ක් පසුපසින් සිටින අතර කඩුලු 8ක් ද ඉතිරිව තිබේ.
කාසියේ වාසිය දිනූ මලියදේව විදුහල් පිලේ නායක දමිත පෙරේරා පළමුව පන්දුවට පහරදීමේ වාරය තම පිලට පිරිනැමීමෙන් ලද වාසිය කදිමට පාවිච්චි කළ ශාන්තා ආනා විදුහල් පිලේ ඉනිම ගොඩ නැගූ කැපී පෙනෙන පිතිකරු බවට පත්වූයේ රන්ධීර රණසිංහය.
දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට ශාන්ත ආනා විදුහල කඩුලු 3ක් දැවී ලකුණු 97ක් ලබා සිටි අතර රන්ධීර් රණසිංහ ලබා සිටි ලකුණු සංඛ්‍යාව 28කි. දිවා ආහාරයෙන් පසුව ක්‍රමයෙන් සිය ඉනිම ගොඩ නැගූ රන්ධීර් පසුපෙළ පිතිකරුවන් හා එක්ව සිය විදුහල් පිලේ පළමු ඉනිම ලකුණු 300 න් ඔබ්බට ගෙනයාමට කදිම දායකත්වයක් ලබා දුන්නේය. ඔහු දැවී ගියේ ස්වර්ණමය ශතකයකට ලකුණු 2ක් එපිටින් සිටියදීය.
වසර 1958 දී ආරම්භ කළ ඇතුගල්පුර සටනේ මෙතෙක් පැවැති තරගවලින් මලියදේව විදුහල තරග 4ක් ජයගැනීමට සමත්වූවත් කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට අසමත්වූ සාන්ත ආනා විදුහල අද ඇරැඹුණු 33 වැනි තරගයේ ජයග්‍රහණය අත්පත් කරගැනීම එකම අදිටන බවට පත් කරගෙන සිටී.
සාන්ත ආනා විදුහල පළමු ඉනිම - කඩුලු 7 ට 307 යි
(පුබුදු ගනේගම 34, රන්ධීර රණසිංහ 98, තරින්ද විජේසිංහ නොදැවී 56, කවිඳු රණසිංහ 56, විමුක්ති බණ්ඩාර 27, දමිත් සිල්වා 2/68)
මලියදේව විදුහල පළමු ඉනිම - 48/2යි.
(බ්‍රයන් චන්ද්‍රසේන නොදැවී 22)
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.