Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මතුගම ශා. මේරී විදුහල සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ආරම්භවූ 54 වැනි ‘පස්දුන්කොරලේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ආනන්ද ශාස්ත්‍රාලය කඩුලු 7 ක් දැවී ලකුණු 123 ක් රැස්කිරීමට සමත්විය.
ශා. මේරී විදුහල් පන්දු යවන්නන් හමුවේ දැඩි අසීරුවෙන් පන්දුවට පහරදෙන ආනන්ද ශාස්ත්‍රාලීය පිතිකරුවන්ට පළමු ඉනිමේදී ඉදිරියට යෑමට තවත් ලකුණු 53 ක් ලබාගත යුතුව ඇත. දසුන් තාරුක, විජිත මදුරංග සහ චමිඳු ඉමේෂ් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මතුගම ශා. මේරී විදුහල ලකුණු 176 කට සීමා කිරීමට ආනන්ද ශාස්ත්‍රාලීය පන්දු යවන්නෝ සමත්වූහ. දක්ෂ පන්දු යැවීමන නිරතවූ තුශාන් සංජුල ලකුණු 57 කට කඩුලු හතක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
උජිත මදුරංග ශා. මේරී විදුහලේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 61 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.
ශා. මේරී විදුහල - පළමු ඉනිම - ඕවර 41 කදී සියලුදෙනා දැවී ලකුණු 176
(උජිත මදුරංග 61, සංජුල ක්‍රිෂාන් 44, තුශාන් සංජුල 57/7)
ආනන්ද ශාස්ත්‍රාලය - පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 123
(විදුර මංතික 33, රවිඳු චානුක නොදැවී 27, දසුන් තාරුක 18/2, විජිත මදුරංග 21/2, චමිඳු ඉමේෂ් 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.