මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට තරුෂ ප්‍රනාන්දු (54) සහ නිඛිල් ප්‍රනාන්දු (නොදැවී 50) සමත් වූ අතර දක්ෂ පන්දුයැවීමක නිතර වූ තරුෂ ප්‍රනාන්දු ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 67 කදී කඩුලු 8 ක් දැවී 224
(තරුෂ ප්‍රනාන්දු 54, නිඛිල් ප්‍රනාන්දු නොදැවී 50, දුලාජ් සිල්වා 40, මලින්ත පීරිස් 35, ළහිරු ප්‍රනාන්දු 34, සුලක්ෂණ මදුෂිත් 6/2, රුවන්ත රන්දික 22/2)
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 86
(කවිඳු රණසිංහ 34, දිනෙත් චන්දිමාල් 22, ධනංජය බණ්ඩාර 20, තරුෂ ප්‍රනාන්දු 13/5, ප්‍රවීන් කුරේ 11/2)
ශාන්ත ආනා විදුහල දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 2 ක් දැවී 25
(දිනෙත් චන්දිමාල් 12)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.