Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. මරියා විදුහල රන් සටන ජය ගනියි

ශා. මරියා විදුහල රන් සටන ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ කෑගලු විද්‍යාලය අතර කටුනේරියේදී පැවැති 37 වැනි ‘රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 108 දැවැන්ත ජයක් අත්කරගැනීමට ශාන්ත මරියා විදුහල අද (26 වැනිදා) සමත් විය.

ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 178 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් කෑගලු විද්‍යාලයට අද දිනයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 70 ක් පමණි.

කෑගලු විද්‍යාලයීය දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී වූ තිමිර කුමාර ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගනිමින් දක්ෂ පන්දුයැවීමක නිරත විය.

පළමු දිනය වූ ඊයේ (25 වැනිදා) පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මරියා විදුහල සියලු දෙනා දැවී ලකුණු 246 ක් රැස්කළ අතර දක්ෂ පිතිහරඹක නිතර වූ සජීව රංජිත් (50) එහිදී අර්ධ ශතකයක් ලබාගත්තේය.


කෑගලු විද්‍යාලය පළමු ඉනිම - ඕවර 29.1 කදී සියලු දෙනා දැවී 68
(පේෂල් නෙළුම්දෙණිය 21, මාස් රහීම් 12/3, ලසිත් උඩගේ 20/2, තිමිර කුමාර 11/2)

ශාන්ත මරියා විදුහල පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 246
(සජීව රංජිත් 50, ගජිත කොටුවෙගොඩ 41, තිමිර කුමාර නොදැවී 34, ඉසුරු සේනානායක 80/4)

කෑගලු විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 70
(මදුෂාන් ගුණසිංහ 13, තිමිර කුමාර 12/3)

 


අදහස් (0)

ශා. මරියා විදුහල රන් සටන ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.