Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ කෑගලු විද්‍යාලය අතර කටුනේරියේදී පැවැත්වෙන 37 වැනි ‘රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (25 වැනිදා) පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මරියා විදුහල සියලු දෙනා දැවී ලකුණු 246 ක් ලබා ගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කෑගලු විද්‍යාලය ලකුණු 68 කට සීමා කිරීමට ශාන්ත මරියා විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී මාස් රහීම් ලකුණු 12 කට කඩුලු 3 ක් දවාගත් අතර ලසිත් උඩගේ සහ තිමිර කුමාර කඩුලු 2 බැගින් දවාගනිමින් කෑගලු විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.
ඒ අනුව ශාන්ත මරියා විදුහල පළමු ඉනිමේදී කෑගලු විද්‍යාලයට වඩා ලකුණු 178 ක් ඉදිරයෙන් සිටින අතර දක්ෂ පිතිහරඹක නිතර වූ සජීව රංජිත් (50) ශාන්ත මරියා විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.
කෑගලු විද්‍යාලය පළමු ඉනිම - ඕවර 29.1 කදී සියලු දෙනා දැවී 68
(පේෂල් නෙළුම්දෙණිය 21, මාස් රහීම් 12/3, ලසිත් උඩගේ 20/2, තිමිර කුමාර 11/2)
ශාන්ත මරියා විදුහල පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 246
(සජීව රංජිත් 50, ගජිත කොටුවෙගොඩ 41, තිමිර කුමාර නොදැවී 34, ඉසුරු සේනානායක 80/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.