Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.
කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 4 කින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කරමින් ශාන්ත පීතර විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 197 ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ පන්දු 15 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. දක්ෂ පිතිහරඹයක නිතර වූ හිමසර රන්දෙණි පන්දු 113 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සහ සමගින් ලකුණු 80 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ෂේන් ප්‍රනාන්දු (68) සමත් වූ අතර පන්දු 79 කදී වාරත් වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 196
(ෂේන් ප්‍රනාන්දු 68, දිමිත්‍ර පෙරේරා 28, ඩිෂේන් ද මෙල් 28, දිදුල පීරිස් 18, දිනුක රොද්‍රිගූ 38/3, නිරෝෂ් අර්ෂන 29/2)
ශාන්ත පීතර විද්‍යාලය - ඕවර 47.3 කදී කඩුලු 6 ක් දැවී 200
(හිමසර රන්දෙණි 80, මයුර සමරවික්‍රම 39, සඳරු ගමගේ 36, නිරෝෂ් අර්ෂන නොදැවී 25, සුපුන් ප්‍රනාන්දු 19/3, දිදුල පීරිස් 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.