Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ සෙනසුරාදා (21 වැනිදා) කොළඹදී පැවැති මූලික වටයේ තරගවලදී ජය වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර, මහනුවර කින්ස්වුඩ් සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.
එම තරගවලදී පිළිවෙළින් ගල්කිස්ස විද්‍යා විදුහල, මරදාන විද්‍යා විදුහල සහ කොළඹ විද්‍යා විදුහල පරාජයට පත් විය. එහිදී ශාන්ත පීතර සහ සාන්ත තෝමස් විදුහල් ජය ලැබුවේ පිට පිටම තෙවැනි වරට වන අතර කින්ස්වුඩ් සහ ශ්‍රී සුමංගල විදුහල් ජය ලැබුවේ පළමු වරටය.
තරග ප්‍රථිඵල
■ ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 29-23 ක් ලෙස විද්‍යා විදුහල පරාජය කරන ලදි.
■ කින්ස්වුඩ් විදුහල විසින් ලකුණු 27-18 ක් ලෙස සහිරා විදුහල පරාජය කරන ලදි.
■ සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 50-35 ක් ලෙස මහානාම විදුහල පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.