Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝසප් 229, බණ්ඩාරවෙල ම.ම.වි 4/147

ශා. ජෝසප් 229, බණ්ඩාරවෙල ම.ම.වි 4/147

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බණ්ඩාරවෙල නගරසභා ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ආරම්භවූ බණ්ඩාරවෙල ශා. ජෝසප් විදුහල සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල අතර 13 වැනි වරටත් පැවැත්වෙන ‘ඌව රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් රැස්කිරීමට සමත්විය.

රුචිර අයෝද්‍ය ලකුණු 52 ක් රැස්කරමින් බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහලට ඉලක්කය හඹායෑමට පහසු කළේය.
කාසියේ වාසිය දිනාගත් ශා. ජෝසප් විදුහල පළමුව පන්දුවට පහරදුන් අතර සියලුදෙනා දැවී ලකුණු 229 ක් රැස්කිරීමට සමත්විය. චන්දන රුවන් (60) සහ මලිත මදීව (52) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ජනිත් හේෂාන් ලකුණු 63 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා. ජෝසප් විදුහල - පළමු ඉනිම - ඕවර 54. කදී සියලුදෙනා  දැවී ලකුණු 229
(චන්දන රුවන් 60, මලිත මදීව 52, කෞෂාන් සසංක 31, ඉෂාර සඳරුවන් 26, ජනිත් හේෂාන් 63/5, උදිත බණ්ඩාර 88/3)

බණ්ඩාරවෙල මධ්‍ය මහා විදුහල - පළමු ඉනිම - ඕවර 25 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 147
(රුචිර අයෝද්‍ය 52, හේෂාන් රත්නායක 35, චරිත බස්නායක 20, අයේෂ ලක්මාල් 13/2, කෞෂාන් සසංක 29/2)

 


අදහස් (0)

ශා. ජෝසප් 229, බණ්ඩාරවෙල ම.ම.වි 4/147

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.