Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝශප් සිංගර් කුසලාන අවසන් පූර්ව වටයට

ශා. ජෝශප් සිංගර් කුසලාන අවසන් පූර්ව වටයට

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විදුහල අද (27) සමත්විය.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ලකුණු 118 කින් පරාජය කරමින් ඔවුහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

ලකුණු 278 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් විදුහට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 159 ක් පමණි. ලකුණු 46 කට කඩුලූ 4 ක් දවාගත් හෂින්ද්‍ර පෙරේරා ශාන්ත ජෝශප් විදුහල පිතිකරු ලැයිස්තුව සුනුවිසුණු කර දැමුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝශප් විදුහල සියලූ දෙනා දැවී ලකුණු 277 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ සදීර සමරවික‍්‍රම පන්දු 94 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 5 ක් සමග ලකුණු 112 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළට ඔසවා තැබුවේය.

ශාන්ත ජෝශප් විදුහල ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 277
(සදීර සමරවික‍්‍රම 112, පැතුම් මදුසංක 59, පි‍්‍රයමාල් පෙරේරා 34, ෆේබියන් ප‍්‍රනාන්දු 20, සංගීත් කුරේ 44/2, උමේෂ්ක මොරායස් 52/2, ළහිරු හේෂාන් 57/2)

ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 31.4 කදී සියලූ දෙනා දැවී 159
(උමේෂ්ක මොරායස් 46, සංගීත් කුරේ 44, අනුක් ප‍්‍රනාන්දු 22, හෂින්ද්‍ර පෙරේරා 46/4, අරවින්ද අකුරුගොඩ 9/2, ඩුරන් ද අල්විස් 29/2)

036


අදහස් (0)

ශා. ජෝශප් සිංගර් කුසලාන අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.