Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. අන්තෝනි මුල් ඉනිම ජය ගනියි

ශා. අන්තෝනි මුල් ඉනිම ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සෙනුර ජයසිංහ (86) සහ තීක්ෂණ ගුණසිංහ (60) සමත් වූ අතර රාජකීය විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට පසිඳු සූරියබණ්ඩාර (70) සහ කවිඳු මඳුරසිංහ (54) සමත් වූහ.


රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලු දෙනා දැවී 190
(කවිඳු මඳුරසිංහ 32, පසිඳු සූරියබණ්ඩාර 30, ගයාන් දිසානායක 26, තෙවිඳු සේනාරත්න 33, සඳරුවන් ධර්මරත්න 57/4, විරාජිත ජයසිංහ 35/3, ගිහාන් අචින්ත 27/2)

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 74.2 කදී සියලු දෙනා දැවී 241
(සෙනුර ජයසිංහ 86, තීක්ෂණ ගුණසිංහ 60, ජනිදු හිම්සර 36, හිමේෂ් රාමනායක 31/5, මනුල පෙරේරා 51/3)

රාජකීය විදුහල දෙවැනි ඉනිම - ඕවර 56 කදී කඩුලු 5 ක් දැවී 237
(පසිඳු සූරියබණ්ඩාර 70, කවිඳු මඳුරසිංහ 54, හේලිත විතානගේ 48, තෙවිඳු සේනාරත්න නොදැවී 42, විරාජිත ජයසිංහ 33/2, සඳරුවන් ධර්මරත්න 61/2)


- 036

 


අදහස් (0)

ශා. අන්තෝනි මුල් ඉනිම ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.