Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. අන්තෝනිට පළමු ඉනිමේ ජය

ශා. අන්තෝනිට පළමු ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී ශා. අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක් හිමිවිය.

මුලින්ම පන්දුවට පහරදුන් ශාන්ත අන්තෝනී විද්‍යාලය ලකුණු 380 ක් ලබා ප‍්‍රබල ස්ථානයකට ගෙන ඒමට ජාකොබ් සචින්ගේ ශතකයත් (142), අසිර වගීෂගේ අර්ධ ශතකයත් (52) දායකවිය. දිලිප් තාරක ලකුණු 123 කට කඩුලූ 7 ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමට වෙනුවෙන් නෙවිඳු උදේශ් (69) සහ ලසිත් ලක්ෂාන් (55) අර්ධ ශතක ලබා ගත් අතර සාමල් උඩවත්ත සහ අශාන් රුක්මාල් කඩුලූ 5 බැගින් දවා ගන්මින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිට පිට දෙවන වතාවටත් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශාන්ත තෝමස් පිතිකරුවෝ තරගය නිමාවන විට කඩුලූ 8 කට ලකුණු 314 ක් ලබා ගනිමින් තරග පරාජයෙන් තෙරව අවසන් කරගැනීමට සමත් වූහ. ලසිත් ලක්ෂාන් (120*, හෂාන් විමර්ශන (77) සහ ශෂ්නි අහ්මඞ් (43) පිත්තෙන් දස්කම් දැක්වුහ.

 

ශා. අන්තෝනි විදුහල පළමු ඉනිම  ඕවර 72.3 කදී සියලූ දෙනා දැවී 380
(ජාකොබ් සචින් 142, අසිර වගීෂ 52, චරිත් බුද්ධික 45, ටීෂාන් ප‍්‍රසන්න 34, දිලිප් තාරක 123/7)

ශා. තෝමස් විදුහල පළමු ඉනිම  ඕවර 52.3 කදී සියලූ දෙනා දැවී 169
(නෙවිදු උදේශ් 69, ලසිත් ලක්ෂාන් 55, සාමල් උඩවත්ත 20/5, අශාන් රුක්මාල් 45/5)

ශා. තෝමස් විදුහල දෙවන ඉනිම  ඕවර 68 කදී කඩුලූ 8 ක් දැවී 314
(ලසිත් ලක්ෂාන් 120, හෂාන් විමර්ශන 77, ශෂ්නි අහ්මඞ් නොදැවී 43, සම්සුල් මුනීර් 72/4, චරිත් බුද්ධික 77/3)


අදහස් (0)

ශා. අන්තෝනිට පළමු ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.