Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය ජනවාරි මස 13 - 17 මොරටුවේදී

ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය ජනවාරි මස 13 - 17 මොරටුවේදී

editorial - 2024 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

කොලොන්නාව  ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය ජනවාරි මස 13 සිට 17 දක්වා මොරටුව කටුබැද්ද උත්සව ශාලාවේදී පැවැත්වේ. කොලොන්නාව චෙස් ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය ඒකාබද්ධව මේ තරගාවලිය සංවිධානය කරයි.

තරගාවලිය තරග වට 10 කින් සමන්විතය. තරගාවලිය ආරම්භක දිනය වන 13 වැනිදා සිට 17 දක්වා දින පහේදී දිනයකට තරග වට දෙකක් බැගින් තරග වට 10 පැවැත්වෙයි.  මේ තරග වට දහයෙන් ලබා ගන්නා ලකුණු පිළිවෙළ මත තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනේ.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමනු ලබන අතර ඒ සදහා වෙන් කළ ඇති මුදල රුපියල් 400,000 ඉක්මවයි.

පිරිමි ශූරතාව සදහා රුපියල් 75,000 ක්, අනු ශූරතාව සදහා රුපියල් 50,000 ක්ද  තෙවැනි ස්ථානය සදහා රුපියල් 25,000ක්ද පිරිනමනු ලැබේ.  කාන්තා ශූරතාව සදහා රුපියල් 25,000 ක්ද අනු ශූරතාව සදහා රුපියල් 15,000ක්ද තෙවැනි ස්ථානය සදහා රුපියල් 10,000ක් ද පිරිනමනු ලබයි.

වයස් කාණ්ඩවල ජයග්‍රාහක,ජයග්‍රාහිකාවන් සදහා ද මුදල් ත්‍යාග ලබා දෙනු ලබන බව තරග සංවිධායකයෝ කියති.


අදහස් (0)

ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය ජනවාරි මස 13 - 17 මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.