Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රේණිගත 48 කට ක්‍රීඩා උපකරණ

ශ්‍රේණිගත 48 කට ක්‍රීඩා උපකරණ

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොනෙක්ස් - සන්රයිසස් සමාගම සහ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය අතර පවතින ගිවිසුම අනුව ජාතික ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 48 දෙනෙකුට  ක්‍රීඩා උපකරණ පසුගියදා බැඞ්මින්ටන් සංගම් මූලස්ථානයේදී බෙදා දෙනු ලැබිණ. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

විවෘත, වයස 19 න් පහළ සහ වයස 17 න් පහළ ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාණ්ඩ 4 කට බෙදා වෙන්කර මෙම ක්‍රීඩා භාණ්ඩ බෙදා දෙන ලදි. මේ වසරේ ජූනි මාසය දක්වා පැවැති ශ්‍රේණිගත ලකුණු මෙම තෝරාගැනීම් සඳහා පදනම් කරගෙන තිබිණ.

එහිදී බැඞ්මින්ටන් පිති, සපත්තු, මේස්, කමිස, කලිසම්, ව්‍යායාම ඇදුම් සහ ගමන්මළු වලින් සමන්විත ක්‍රීඩා භාණ්ඩ කට්ටලය බැගින් පිරිනැමිණ. තෝරාගත් පුහුණුකරුවන් 8 දෙනෙකුටද ක්‍රීඩා භාණ්ඩ කට්ටලය බැගින් පිරිනැමිණ.


ඒ ඒ කාණ්ඩවලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

I කාණ්ඩය
නිලූක කරුණාරත්න, දිනූක කරුණාරත්න, බුවනෙක ගුණතිලක, දිලූක කරුණාරත්න, කාවින්දි සිරිමාන්නගේ, තිළිණි හෙන්ඳහේවා, චන්ද්‍රිකා ද සිල්වා සහ අචිනි රත්නසිරි

II කාණ්ඩය
සචින් ඩයස්, ඉමේෂ් හසරංග, විභවි මධූෂ, සුපුන් ලක්රංග, අරුණ සෙනෙවිරත්න, උපුලි සමන්තිකා, අමාලි අමරසිංහ, නදීෂා ගයන්ති සහ බුත්මි ගලගමගේ

III කාණ්ඩය
චාමික කරුණාරත්න, හසිත චානක, තිසර නිම්මික, ආර්. එස්. දසනායක, රන්තුෂ්ක සසිඳු, ළහිරු මධුෂාන්, ප්‍රමෝද්‍ය රණවීර, තරින් පුංචිහේවා, හසිනි අම්බලන්ගොඩ, කවිෂ්කා ගුණරත්න, මධුෂිකා දිල්රුක්ෂි, ගයානා සමාධි, ගීත්මි අබේරත්න, ඒෂානි පලිහේන, ඩිල්මි ඩයස් සහ ඉනුරි කුරුප්පු

IV කාණ්ඩය
සෙව්මින ගුණතිලක, තිළිණ ගෝනපීනුවල, කසුන් අමරසේන, තරිඳු අඹේගොඩ, මධුක දුලාංජන, රසින්ත රිද්ම, සචින්ත රාජපක්ෂ, නදිත් අනුෂ්ක, හසාරා විජේරත්න, තනුෂි රත්නායක, අමාලි සමරනායක, ලසංගා හෙට්ටිආරච්චි, කාවින්දිකා බිනුරි, යුෂ්මිතා දයාරත්න, භාග්‍යා දීමන්ති සහ ඉල්මී ද සිල්වා

(ඡායාරූප - ශානුක අරවින්ද)

 

 


අදහස් (0)

ශ්‍රේණිගත 48 කට ක්‍රීඩා උපකරණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.