
කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආසියානු කලාප දෙවන වටයේ ශ්‍රී ලංකාව තරග වදින තරග දෙකක් කල් දැමීමට තීරණය වී තිබේ.
ලොව පුරා මේ දිනවල පැතිර යමින් පවතින කොවිඩ් - 19 (කොරෝනා) වසංගතය සැළකිල්ලට ගනිමින් මෙම තරග කල්දමා තිබේ.
ඒ අනූව මෙම 26 වැනිදා උතුරු කොරියාව සමගත් මෙම 31 වෙනිදා දකුණු කොරියාව සමගත් උතුරු කොරියාවේදී සහ දකුණු කොරියාවේදී ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව තිබූ ලෝක කුසලාන 2022 ආසියානු කලාප දෙවන වටයේ තරග දෙකක් ජූනි මාසය දක්වා කල් දැමීමට ලෝක පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සමුළුව තීරණය කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.